Colombo Today Local News

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

aluth parapura samanalee

අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගය ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රංගන ශිල්පිනි ශිල්පිනී සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අයවලූන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය අද (31 දා ) විවෘත වරෙන්තු නිකුත් කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ ‘මුලාවෙන් මිදෙමු’යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුලු පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද යළි කැද වූ අවස්ථාවේදීය.

පළාත් සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික මහතා සහ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින තවත් තිදෙනෙකු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර මෙම නඩු විභාගයේ පැමිණිල්ලේ දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සමනලී ෆොන්සේකා මෙනවිය සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ මහතා හෝ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටියහ. අද දිනයේදී නඩු විභාගය පැවැත්වෙන බවට අධිකරණය විසින් පෙර දැනුම්දීමක් කර තිබියදීත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළාය.

එම අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නීතිඥ කීර්ති දුණුසිංහ මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණීම මිගහරින්නේ නම් විත්තිකරුවන් ලෙස නම් කර සිටින පළාත් සභා මන්ත‍්‍රීවරයා ඇතුලු පිරිස මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නඩු විභාගය ජූලි මස 21 වැනිදා යළි කැදවීමට නියමිතය.

Related posts

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

Admin

ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්..!

colombotoday

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

colombotoday

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

colombotoday

අල්ලස්ගත් කළුතර දිසා අධිකරණ කාර්යාල සහයක රිමාන්ඩ්

Admin