Colombo Today Local News

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

ජපානයේ නිල රාජ්‍ය සංචාරක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු පිරිසක් ද ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැතියේය.

කවුරුන් කුමන චෝදනා නැගුව ද ශී‍්‍ර ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදාකරලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කැපවීම ඉතා විශිෂ්ට බවත් එම වැඩපිළිවෙළට උපරිම ශක්තියක් වීමට තමන් සූදානම් බවත් මුස්ලිම් ආගමික නායකයන් ජනපතිට පැවැසීය.

මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ, සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකරන මෙම අවස්ථාවේ ඉතා සුළු පිරිසක් විසින් ඇතිකළ එම නොසන්සුන්තාවය පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජිත පිරිස කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා ජාති, ආගම් බේදයකින් තොරව සියලූම ශ‍්‍රී ලාංකිකයින් එක්ව ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයට පත්කර ගත්තේ, සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ මහත් අපේක්ෂාවන් පෙරදැරිව බවයි.

Related posts

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday

ඇමති විමල් ට එරෙහි නඩුවක් ජූලි 17ට කල් යයි

colombotoday

හරින්ගේ ගෝලයෝ බදුල්ලේදී අහිංසකයෙකුට තලයි

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුද හමුදාව රුක් රෝපණය කරයි

colombotoday