Colombo Today Local News

කෙසෙල්වත්තේ ඝාතනයක්

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මාටිස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිද පුද්ගලයෙකි.

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෘතශරීරය පොලිස් ආරක්ෂාව යටතේ ඝාතනය සිදුවූ ස්ථානයේම තිබෙන බවත් සැකකරුන් අත්අඩංගුවට ගැනීමට කෙසෙල්වත්ත පොලීසිය විමර්ශන කටයුතු සිදුකරන බවත් වාර්තා වෙයි.

Related posts

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday

හුංගම නිවසකට මෙම වෙඩිතැබීමක්

Admin

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

colombotoday

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday