Colombo Today Local News

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා අද (18)දින අමෙරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු වටයේ සාකච්ඡා අද සිට ලබන 24 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය සදහන් කරන්නේ, පසුගිය සතියේ සිට දින 6 කට ආසන්න කාලයක් Online ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග තාක්ෂණික මටට්මේ සාකච්ජා පැවැත්වූ බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීම සඳහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළත් ය.

ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා අද සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණි.

Related posts

ඇමැති ප්‍රසන්නගේ පළමු රාජකාරිය දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන්ට සාධාරණය ඉටු කිරීමයි

colombotoday

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

colombotoday

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin

වසන්ත මුදලිගේට ඇප

Admin

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin