Colombo Today Local News

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රොගීන් සිව් දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

“වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ මෙම කොවිඩ් රෝගීන් සිව්දෙනා පසුගිය 12 වනදා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතව තිබුණා. නමුත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පවසා තිබුණා, මෙම රෝගීන් හතරදෙනා විසින් එම මධ්‍යස්ථානයේ  ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වෙනත් ආකාරයේ උපකරණ තොගයක් සොරකම් කරඇති බව. එම සොරකමට අදාළව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැණුනා. පසුව ඔවුන්ව වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම පුද්ගලයින්ගෙන් තිදෙනෙකු කොළඹ 02  ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.” යනුවෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday

බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම සිසුන් අතට… ගුරුවරුන්ට කට වහගන්නැයි බලධාරීන් දන්වලා !

colombotoday

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

colombotoday

ඉන්දියානු ශ්‍රමියකයන් ගෙන්වා නොගන්නා බවට “එට්කා“ ගිවිසුමේ වගන්තියක් මගින් තහවුරුකර පෙන්වනු!

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin