World

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

7-17_n_korea_missile_21

උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නව සම්බාධක පනවා පැය කිහිපයක් ගතවෙත්ම උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිල 6ක් පමණ සාගරය වෙත එල්ල කළ බව දකුණු කොරියාව කියයි.

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ කලාපයෙන් මෙම මිසයිල ප්‍රහාර එල්ල කිරීම උතුරු කොරියාව සිදුකර තිබේ.

කෙසේ වෙතත්, මෙවා මිසයිලද, නැත්නම් රොකට් ප්‍රහාරයන්ද යන්න පැහැදිලි නොමැති බවද කියැවෙයි.

මෙය නව සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාව සිය විරෝධයට පෑමට සිදුකළ ක්‍රියාවක් විය හැකි බව විදෙස් වාර්තා පවසයි.

මෑතකදී උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හා චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගතකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාව වෙත එදාමෙදා තුර පැනවූ ප්‍රබලතම සම්බාධක පැනවීම සිදුකර තිබේ.

Related posts

කාන්තාවන්ට හිස් ආවරණය හා අබාය අවශ්‍ය නෑ – සෞදි රජුගෙන් තවත් ප්‍රගතිශීලී තීරණයක්

colombotoday

ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවීම්.. අමෙරිකාවේ ආරක්ෂාව දැඩි කෙරේ.

colombotoday

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්

Admin

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

ළමුන්ට සහ දෙමාපියන්ට පීඩනය වැඩියි. – පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday