Colombo Today Local News

“මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි. සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න”

පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30)දින ඉල්ලීමක් කළේය.

“මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි” යැයිද ඔහු සඳහන් කළේය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා:

පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම තදින්ම සිදුවෙනවා තවමත් ඒ සඳහා විසඳුමක් ලැබිලා නැහැ. මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. විශාල ප්‍රදේශයකට ස්ප්‍රේ කරන්න වෙන නිසා හමුදාව හරි දාලා කරන්න. මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල් වගාව නැති වෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:

ඒකට දුමායනය කිරීමක් හෝ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍යයි. අමාරු වැඩක්. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සමග මැෂින් දෙසීයක් දැනටමත් සපයා තියෙනවා. රැප්ටාරා කියන කෘමි නාශකය භාවිතා කරන්න පුළුවන්. කොහොඹ තෙල් සබන් මිශ්‍රණය පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒක නැති කරන්න උදව් කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා:

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහත්තයා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී ඔය වගේ රෝගයක් ආවා. ඒ කාලේ යම්කිසි තෙල් මිශ්‍රණයක් හෙලිකොප්ටර්වලින් ගැහුවා. ඒ වගේ වැඩපිළිවෙලකට යන්න වේවි.

වැවිලි කර්මාන්ත ඇමති:

සුදුමැස්සා ඉන්නේ පොල් අත්තේ යට පැත්තේ. උඩින් ස්ප්‍රේ කරන්න බැහැ.

රමේෂ් පතිරණ මහතා:

ඒ ගැන අවධානය යොමු කරනවා

Related posts

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතාගේ බිල්ඩිම වෙත ගෙනයාමට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නෑ – කථානායක මාධ්‍ය අංශය

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday

තිලංග අර්ජුණට පස් පඩංගුවේ බැන වදී.. හොරකම් එළිකරන බවත් කියයි.. වීඩියෝව මෙන්න

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin