Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් ගයා, කිසිම රාජ්‍ය නායකයෙකුට නොතිබූ කොන්දක් තමන්ට ඇතිබව ජනපති පෙන්වූවා – මුස්තාෆා

my3 muztpa

ගෙවුණු වසර 67 ක් තිස්සේ මෙරට කිසිම රාජ්‍ය නායකයෙකුට නොතිබූ කොන්දක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“1949 පැවති නිදහස් උත්සවයේදීත් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයුවා. පස්සේ හැමෝම තමන්ගේ පංගුව ඉල්ලන්න පටන් ගත් නිසා වෙන් වීමක් ඇතිවුණා.

රටට ආදරය කරන කිසි කෙනෙක් දෙමල බසින් ජාතික ගීය ගැයීම වැරැුදියි කියලා කියන්නේ නෑ. ජනපති මෛත‍්‍රී ඉතාම එඩිතර නායකයෙක්. පසුගිය අවුරුදු 67ක් තිස්සේ මෙරට සිටි කිසි රාජ්‍ය නායකයකුට කොන්ද පණ තිබුණේ නෑ ජාතික ගීය දෙමළෙන් කියන්න. ඒත් ජනපති මෛත‍්‍රීට අගමැති රනිල්ට කොන්ද පණ තිබුණා ඒ දේ කරන්න. සමාජය ඒ ගැන ප‍්‍රශංසා කරනවා“

Related posts

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday

පවිත්‍රාගෙන් සහ ඇගේ සැමියාගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

colombotoday

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

අභියෝගය ජය ගන්නට නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතුයි – ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

Admin

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

colombotoday