World

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

මියන්මාර හමුදා අධිකරණය විසින් අවුන්සාන් සුකීට තවත් වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇයගේ සිර ගතවී සිටීමට තිබෙන සමස්ත කාලය වසර 33 දක්වා වැඩිකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

2021 පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඇගේ රජය නෙරපා හැරීමෙන් පසු අවුන්සාන් සුකී නිවාස අඩස්සියේ තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඇය චෝදනා 19ක් යටතේ මාස 18ක කාලයක් නඩු විභාගවලට මුහුණ දී තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පසුගිය සතියේ ඇය නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ අමාත්‍යවරයෙකුට හෙලිකොප්ටරයක් කුලියට දීමේදී නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් ඇය දූෂණ චෝදනාවන්ට වරදකරු බවට එරට අධිකරණය තීන්දු කර තිබේ.

කොවිඩ් මහජන ආරක්ෂණ නීති කඩ කිරීම, වෝකි ටෝකි ආනයනය කිරීම සහ නිල රහස් පනත උල්ලංඝනය කිරීම ඇතුළු විවිධ අපරාධ 14කට ඇය දැනටමත් වරදකරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයිම්.

මෙම වසරේ ඇයගේ නඩු විභාග මහජනතාවට සහ මාධ්‍යයට ප්‍රවේශ වීම තහනම් කර ඇති අතර ඇයගේ නීතිඥයින්ට මාධ්‍යවේදීන් සමඟ කතා කිරීම ද තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර‍යි.

77 හැවිරිදි අවුන්සාන් සුකීට එල්ල වී ඇති සියලුම චෝදනා ඇය ප්‍රතික්ෂේප කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

Related posts

ISIS නායක අබු බකර් දෙවියන් ලඟට යැවූ එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම

colombotoday

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා වැලදෙයි

colombotoday

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

colombotoday

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday