Colombo Today Sports News

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයි

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ.

ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ, පාපන්දු ලෝක කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙනි.

ඒ අනුව අදාළ කාමරය තවදුරටත් අමුත්තන් සඳහා විවෘත නොවන අතර, නරඹන්නන් සඳහා පමණක් විවෘත වෙයි.

එමෙන්ම මෙසීගේ බඩු බාහිරාදිය අනාගත පරම්පරාවන්ට උරුමයක් වනු ඇති අතර ලෝක කුසලානයේදී මෙසී ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණයන් පිළිබඳ සාක්ෂියක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් ප්‍රදානය කරන රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට ද ලියොනෝල් මෙසී මෙවර සමත් විය.

මෙසී, ආර්ජන්ටිනාවේ මැරඩෝනාට පසුව ජනප්‍රියම ක්‍රීඩකයෙකු ලෙසින් ලෝකයේම පාපන්දු ක්‍රීඩා ලොලීන්ගේ ආදරය දිනා ගත් ක්‍රීඩකයෙකි.

2005 වසරේ 18 හැවිරිදි වියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට මෙසී සමත් විය.

මේ අතර ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී මෙම වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස BBC ආයතනය මගින් ද නම් කර ති‌බේ.

වාර්ෂිකව මෙලෙස ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් එලෙස නම් කරන අතර, මෙවර ඒ සඳහා තෝරාගෙන ඇත්තේ ලියනොල් මෙසී ය.

35 හැවිරිදි වියේ පසුවන මෙසී අවස්ථා 7කදී ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලන සම්මාන ද දිනාගෙන සිටී.

ලියෝනල් මෙසී යනු එතෙක් මෙතෙක් පාපන්දු පිටිය තුළ බිහි වූ විශිෂ්ට තරුවක් බව නොරහසකි.

Related posts

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

colombotoday

ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකාව-සිම්බාබ්වේ තුන්වැනි එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්

Admin

කලම්බු කින්ග්ස් ජැෆ්නා ස්ටැලියන්ස් ගේ අපරාජිත වාර්තාව බිඳ දමයි

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28දා ලංකාවට

colombotoday

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday