Colombo Today Local News

දේශපාලකයොත් 60න් යනව නම් ජනතාවගේ කැමති

ජනතාවගේ කැමැත්ත දේශපාලනඥයන් වයස අවුරුදු 60න් විශ්‍රාමයාම නම් ඒ සඳහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නැතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.

නමුත් තමන් දන්නා පරිදි ලොව කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එවන් වගන්තියක් නැතැයි කී මන්ත්‍රීවරයා කවුරුන් නොකළත් අපේ රටට එය ගැලපෙනවා නම් එසේ කිරීමේ ප්‍රශ්නයක් නැතැයි ද සඳහන් කරයි.

එමෙන්ම තරුණයන් සතු නිර්මාණශීලී හැකියාවන් සහ ඔවුන්ට නායකත්වය දිය යුතු බව අරගලයේදී ද පැහැදිලි වූ බව ද ජී.එල් පීරිස් මහතා කියයි.

එසේ වුවත් කිසිම පසුබිමක් පලපුරුද්දක් නැති අය ප්‍රධාන තනතුරුවලට පත්වීමෙන් වන මහා වින්නැහිය ද රට අත්විඳ ඇති නිසා තරුණ ජවයක් ඇති අය සමඟ අමාත්‍යාංශ මෙහෙයවා පලපුරුද්දක් ඇති අයත් සිටීම ශක්තියක් බව සිතන කොටසක් ද රට තුළ සිටින බව කී මන්ත්‍රීවරයා ඒ ගැන සංවාදයකට සූදානම් බව ද පවසයි.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (19)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

දුරකථන ඇමතුම් දත්ත ඇතුලත් බැදුම්කර වාර්තාවේ පිටපත ජනතාවට නිකුත් කරයි….

colombotoday

“සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි.. බුද්ධිමත්ව කටයුතු කරන්න”

colombotoday

CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

“ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න” – ජනපති ඉම්රාන්ගෙන් ඉල්ලයි

colombotoday