Colombo Today Local News

මාර්තු 31න් පසු අපේ රටෙන් ගෘහ සේවයට කාන්තාවො යන්නේ නැහැ..

ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

”මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ අපේ රටෙන් ගෘහසේවයට කාන්තාවෝ යන්නේ නැහැ. ගෘහසේවය කියන කාරණාවට එයා ගිහිල්ලා ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන අපි පුහුණුව වැඩිකරලා එන්වී.කිව් සහතිකයක් දිලා එතනින් එහාට ස්කිල් පාස්පෝස්ට් එකක් සහිත පුද්ගලයෙක් තමයි මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ යන්නේ කිසිම ආකාරයකින් අඩු දැනුම පුහුණුව තියෙන කාන්තාවන් විදේශගත කරන්න ඉඩ දෙන්නේ නැහැ”

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යනුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔවුන් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම මෙන්ම මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවත් විදේශගත වන ශ්‍රමිකයාට ගුවන් තොටුපොළේදී පිළිගැනීමක් ලබාදීම සඳහා හෝප් ගේට් නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 කට අධිකයි.

වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ, කුවේට් රාජ්‍යයට වන අතර එම සංඛ්‍යාව 76,579 කි.

කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ.

ජපානය සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 4,410 කි.

Related posts

“මහනුවරට ඉන්ටර්නෙට් කපයි “..ෆේස්බුක් අඩවියටත් වෙනස්කම්, රටේ සාමය රකින්න අන්තර්ජාලයේ සිදුවන සියලු වෙනස්කම් මෙන්න .!

colombotoday

බස්නාහිර තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

අනුරගේ බලු වැඩේ ඇත්තටම හොඳයි!

colombotoday

විදේශ ඇමති රවී මෝදී හමුවී ඉන්දියාවෙන් වැඩ අරඹයි !

colombotoday

කාන්තාවකට බලහත්කාරකමක්…! බෝගොල්ලාගමගේ බිරිද සහ දියණිය දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

මම ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම විකුණන්නේ නෑ. – ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පොරොන්දුවක්.

colombotoday