Colombo Today Local News

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතිය

ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව මෙන්ම එක්සත් ජාතීන්ගේ 2023-2027 සඳහා වන තිරසාර සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්ති රාමුව ( UNSDCF ) සමඟද අනුකූල වන බැවිනුයි.

රෝමයේ සිටින ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් එම්. බීස්ලි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, ලෝක ආහාර අරමුදලෙහි දෙවන නිත්‍ය සැසිවාරයේදී විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබාදුන් බවයි.

මෙම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 02 ට අනුකූලව මෙරට ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2030 වන විට සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කර තිබේ.

එසේම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 1,5,10 සහ 13 ශක්තිමත් කිරීම මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 17 ට අනුව ජාතික මානුෂීය සහ සංවර්ධන ප්‍රතිචාර හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහාත් මෙම උපායමාර්ගික සැලසුම ඉවහල් වනවා.

තවද, ආහාර සුරක්ෂිතතාව සහ ඉහළ පෝෂණය අත්පත් කර ගැනීම සහ 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නය ලෝක ආහාර වැඩසටහනේ ඇගයීමට ලක්ව තිබේ.

Related posts

දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි | කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති.

colombotoday

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් පත් කරයි

colombotoday

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

ඉල්ලා අස්වූ ඇමතිවරුන් තිදෙනෙකුගේ අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

colombotoday

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday