Colombo Today Local News

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

ඊයේ (13) රාත්‍රී 10.30ට පමණ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගල ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

එහිදී බරපතල තුවාල ලැබු සේවිකාවන් හත්දෙනෙක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

ලොරි රථයේ රියදුරු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

නුවරදී ඊයේ සිදුවූ නොහොබිනා වැඩේ ගැන ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් !

colombotoday

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

එජාපයෙන් අපිව පැන්නුවේ ආණ්ඩුවේ උපදෙස් අනුව සජිත්ගේ වර්ධනය දැක බයවෙලා

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday

“ඥානසාර හිමි කුමන්ත්‍රණයකින් හිරකළා” බොදු බලෙන් බුරුම රජයට ලිපියක්

colombotoday

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday