Colombo Today Local News

මහනුවර දිගන ආශ්‍රිතව අදත් සුළු භු චලනයක්

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද (05) දිනයේ තවත් සුළු භු චලනයක් සිදුවී තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇති බවය.

එය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසයක පමණ කාලය තුළ මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදුවී තිබේ.

එම භූ කම්පන හටගැනීම සම්බන්ධයෙන් විශේෂඥයින් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මේ දක්වාත් ඊට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.

Related posts

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

colombotoday

මත්කුඩු කිලෝ 756ක් අද කැළණියේදී විනාශ කෙරේ…

colombotoday

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

උත්සව සමයේ පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

colombotoday