Colombo Today Local News

ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු අනියම් බිරිඳව රත්වුණු ඉස්තිරික්කයෙන් මැදලා

රෙදි මදින ඉස්තිරික්කයකින් අනියම් බිරිඳ පුළුස්සා වධහිංසා පමුණුවන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ කොටුවේ පිහිටි රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (7)දින නියෝග කර ඇත.

ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගත් චමින්ද කුරුප්පු නානායක්කාර නමැති සැකකරුවකු හෙට (9) දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර එලෙස නියෝග කර තිබේ.

කොළඹ පිහිටි අධිකාරියක උසස් නිලයක් දරන සැකකරුගේ අනියම් බිරිඳ වන තුවාලකාරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

සැකකරු සහ 40 හැවිරිදි අනියම් බිරිඳ අතර ඇතිවූ ආරවුලකදී සැකකරු රෙදි මදින ඉස්තිරික්කයකින් කාන්තාව පුලුස්සා පහර දෙමින් වධහිංසා පමුණුවන අවස්ථාවේදී තුවාලකාරිය සිය ජීවිතය බේරාගැනීම සඳහා නිවසේ උඩුමහලෙන් බිමට පැන ඇති බවට කරුණු අනාවරණය වුවද තුවාලකාරිය උඩුමහලින් බිමට පැන්නේද, නැතහොත් සැකකරු ඇයව උඩුමහලින් බිමට දැම්මේද යන්න සෙවීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකාරියගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කරගන්නා බවද පොලිසිය අධිකරණයට දන්වා ඇත.

Related posts

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

colombotoday

ප්‍රබල ඇමතිගේ ලේකම්, පෙම්වතා කොකේන් සමග මාට්ටු.. නිදහස් කරන්න පොලිසියට බලපෑම් !

colombotoday

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

කරූ ජයසූරිය එජාප නායකත්වයට ?

colombotoday

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

Admin