Colombo Today Local News

සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.

ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

පහසු ඇඳුමකින් සැරසී කාර්යාල සඳහා සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසෆ් ස්ටාලින්…

“රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට එන්න තියෙන අවස්ථාව පරිහරණය කිරීමට බැහැ කියනවා නම් එය පොදු තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඇඳුම් සම්බන්ධයෙන් විවිධ අයට තීරණ ගන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ක්‍රමයක් නැතිව අත්තනෝමතිකව වෙනස් වීම් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා. මේ තියෙන එක එහෙම වෙනස් කරන්න පුළුවන්කමකුත් නෑ. පැහැදිලිවම දැනට සාරිය අඳින එක කිසිම ගැටලුවක් නෑ. ඉස්සරහටත් කිසිම ප්‍රශ්නයක් නෑ. යම්කිසි විදියට බලහත්කාරයක් ආවොත් ඒ අයට දෙන්න වෙයි නිල ඇඳුම් දීමනාවක් දෙන්න වෙයි. ගුරුවරු කැමැත්තෙන් සාරිය අඳිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.”

Related posts

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

colombotoday

හරින්ට නිල නිවසක් සමගින් තනියට අත්භූත නාගයෙක්

colombotoday

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

colombotoday

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday