Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ රෝහල් රැසක් මිලියන 400ක විදුලි බිල් ගෙවා නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ නගරයේ පිහිටි රෝහල් රැසක විදුලි බිල ගෙවා නැති බව වාර්තාවේ. මෙම ආයතනවලින් මණ්ඩලයට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් මිලියන 400 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ ජාතික රෝහල, කොළඹ දන්ත රෝහල, කොළඹ අක්ෂි රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසකින් මෙම මුදල අය වීමට ඇත.

මෙම නගරයේ සියලුම සෞඛ්‍ය ආයතනවලින් මාසිකව රුපියල් මිලියන 100 ක විදුලි බිලක් ලැබෙන බව පැවසේ.

හිඟ මුදල් ගෙවන ලෙස මේ වන විට අවස්ථා ගණනාවකදීම විදුලි බල මණ්ඩලය විසින් මෙම ආයතන දැනුවත් කර ඇත.

Related posts

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

colombotoday

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධුරයට

colombotoday