Colombo Today Local News

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට | ලිට්‍රෝ සමාගමට දෛනිකව කෝටි 25ක පාඩුවක්

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

හෙට දිනයේ ගැස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි.

එම ගෑස් තොගය අනිද්දා සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ,අනිද්දා දිනයේද ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

මේ අතර, අඩු මිලට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් දෛනිකව සිය සමාගම රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් ලබන බව ලිට්‍රෝ සමාගම සඳහන් වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ආදරය කරන ජන පවුරක් සැකසිය යුතුයි – ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ

colombotoday

“ගෝඨාභයගේ වියත්මග දේශනය ලක් ඉතිහාසයේ වැදගත් දේශනයක්… ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි” – ඇමති අමුණුගම

colombotoday

ඉන්දියාව සමඟ තෙල් නල එලන්න සාකච්ඡා කරනවා විතරයි

Admin

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin