Colombo Today Local News

ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු අනියම් බිරිඳව රත්වුණු ඉස්තිරික්කයෙන් මැදලා

රෙදි මදින ඉස්තිරික්කයකින් අනියම් බිරිඳ පුළුස්සා වධහිංසා පමුණුවන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ කොටුවේ පිහිටි රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (7)දින නියෝග කර ඇත.

ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගත් චමින්ද කුරුප්පු නානායක්කාර නමැති සැකකරුවකු හෙට (9) දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර එලෙස නියෝග කර තිබේ.

කොළඹ පිහිටි අධිකාරියක උසස් නිලයක් දරන සැකකරුගේ අනියම් බිරිඳ වන තුවාලකාරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

සැකකරු සහ 40 හැවිරිදි අනියම් බිරිඳ අතර ඇතිවූ ආරවුලකදී සැකකරු රෙදි මදින ඉස්තිරික්කයකින් කාන්තාව පුලුස්සා පහර දෙමින් වධහිංසා පමුණුවන අවස්ථාවේදී තුවාලකාරිය සිය ජීවිතය බේරාගැනීම සඳහා නිවසේ උඩුමහලෙන් බිමට පැන ඇති බවට කරුණු අනාවරණය වුවද තුවාලකාරිය උඩුමහලින් බිමට පැන්නේද, නැතහොත් සැකකරු ඇයව උඩුමහලින් බිමට දැම්මේද යන්න සෙවීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකාරියගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කරගන්නා බවද පොලිසිය අධිකරණයට දන්වා ඇත.

Related posts

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථ අනතුරක්.. සිව් හැවිරිදි දියණිය සහ පියා මරුට

colombotoday

“ජාතිවාදය අවුස්සන්නේ ඥාණසාර හිමියි.. වහා අත්අඩංගුවට ගත යුතුයි“ – හිටපු පළාත්සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

colombotoday