Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05 ක කාලයකට පසුව යානය යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර තිබේ.

අදාළ යානයේ කාර්මික දෝෂයක් හේතුවන් යානය යළි මෙලෙස ගොඩබැස්ස වූ බවයි වාර්තාවන්නේ.

මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් – 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වේ.

අදාළ ගුවන් යානය තුළ ගුවන් මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් මදුරෙයි බලා පස්වරු 2.02ට පිටත් වූ අතර, එම ගුවන් යානය විනාඩි 05ක ගුවන් ගත වීමකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පස්වරු 02.07 ගොඩ බස්වා තිබේ.

අනතුරුව ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ගුවන් යානය තුළ රදවා ගෙනම, ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

මෙම ගුවන් යානය යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත ගුවන් ගන්නා නිශ්චිත වේලාවක් ගුවන් තොටුපළ විසින් ප්‍රකාශයට පත් කර නොමැත.

Related posts

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

colombotoday

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

colombotoday

අද විදුලිය විසන්ධි කරන කාල සටහනේ වෙනසක්

colombotoday

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday