Colombo Today Local News

මැතිසබේදී කාන්තාවන්ට නිගා කළ තිස්සකුට්ටිආරච්චිට කතානායක අවවාද කරයි

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා කාන්තාවන්ට අගෞරව සහ අපහාස වන ආකාරයෙන් කතා කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)දින පැවසීය.

ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ඉදිරියට වැළකී සිටින ලෙස තමා ඔහුට අවවාද කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙවැනි තත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරයන් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස දැනුම් දෙන බව පැවසු අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තු සභා ගර්භයේදී මේ ආකාරයට හැසිරෙන්නේ නම් සභාවේ විනය පවත්වාගෙන යාම සදහා ස්ථාවර නියෝගවලට අනුව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තමාට සිදුවන බවද සඳහන් කළේ‍ය.

මෙහිදී අදහස් දැක්වූ ජනක තිස්ස කුට්ටිආරච්චි මහතා පැවැසුවේ තමා එළවළු ගැන කතා කළා මිස කිසිවකුටත් අපහාස නොකළ බවයි.

රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා එදා පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ගේ ෆන්‍ට් සයිඩ්, බැක් සයිඩ් ගැන කතා කරද්දි අද තමාගේ කතාව ගැන කතා කරන මන්ත්‍රීවරියන් සිටියේ කොහේදැයි ප්‍රශ්න කළ තිස්සකුට්ටිආරච්චි මහතා තමා වල් පුද්ගලයකු නොවන බවද ප්‍රකාශ කළේය.

අනෙක් අය වල් වූවාට තමාට කරන්න දෙයක් නැතැයිද ඔහු පැවසුවේය.

තමා මෙම ගරු සභාවේදී කිසිදු අසභ්‍ය වචනයක් නොකී බවත් එසේ කීවා යැයි පවසන්නේ නම් ඒ වචනය මොකක්දැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බවත් ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ පාර්ලිමේන්තුවේ කතා බස්වලට කාන්තාවන්ගෙ නම් ඈඳා නොගන්නැයි ඉල්ලීමක් කළාය.

සෘජුව නැතත් වක්‍රව හෝ කාන්තාවන්ට අපහාස කිරීම නොකළ යුතු බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙවැනි කතා බස්වලින් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වයට හානි සිදුවන බවද ප්‍රකාශ කළාය.

Related posts

මෝටර් රථ 7500ක් රැගෙන ජපානයේ ‘ගුවාසෝ හයිවේ‘ හම්බන්තොටට…

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

අනුර ඇවිල්ලා සති 6යි ගත්ත ණය ට්‍රිලියන 1යි

Admin

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

රන් බඩු කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට

colombotoday

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

Admin