Colombo Today Local News

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

අලුතින් පත් කෙරෙන ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22)දින ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු මෙම ලේඛන සභාගත කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 3හි විධිවිධාන අනුව සහ 2022 දෙසැම්බර් මස 21 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා පත් කරන බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

Related posts

දවල් කාලයට වැලි ප්‍රවාහනය නැවතීමට පියවර – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

colombotoday

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

colombotoday