ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරන අතර කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති මාර්ග බාධක හරහා විරෝධතාකරුවන් ගමන් කිරීමට සූදානම් වෙද්දී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් කාරි තත්ත්වය ඇති වි තිබේ.
මේ හේතුවෙන් මේ වන විට මරදාන සහ ටෙක්නිකල් හන්දිය අවට දැඩි වාහන තදබදයක් ද පවතී.