World

පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි – ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජික රටවල් පෝලන්තයට එල්ල වූ රුසියාවේ නිෂ්පාදිත මිසයිලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව එම මිසයිලය රුසියාව එල්ල කළ එකක් නොවීමට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

ඉන්දුනීසියාවේ බාලි නුවර සිටින ජී20 රාජ්‍ය නායකයන් පෝලන්තයට එල්ල වූ මිසයිලය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව ජෝ බයිඩන් මේ බව පවසා තිබේ.

යුක්රේන සහ පෝලන්ත බලධාරීහු එල්ල වූ මිසයිලය රුසියාවේ නිෂ්පාදිත එකක් බව ප්‍රකාශ කළේය.

රුසියාවෙන් මිසයිලය එල්ල කළ බව පැවසීමට ඉක්මන් වැඩිදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ මිසයිලයේ ගමන් මග වෙනත් දෙයක් පවසන බවත් විමර්ශනය අවසන් වනතුරු මිසයිලය රුසියාවෙන් එල්ල කළ එකක්ද නැද්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවත් ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

ජෝ බයිඩන් ගේ මෙම ප්‍රකාශ තවත් ප්‍රශ්න ගණනාවක් මතු කර ඇති බවත් ධවල මන්දිරයෙන් පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday