Colombo Today Local News

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් යටතේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි ඔහු මේ මස 18 දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ට ඊයේ (14)දින නියෝග කර තිබේ.

රැඳවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය 10 වන දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

එහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥයන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පමුණුවන ලෙසත්, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට පමුණුවා සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර දෙන ලද අතර අත්අඩංගුවේ පසුවන වසන්ත මුදලිගේ හමු වී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව ලබා දෙන ලෙස ත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙහිදී නියෝග කර තිබිණි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබූ නියෝගයට අනුව රැඳවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාවක් සමගින් ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීහු කටයුතු කර ඇත.

ඒ අනුව, ඊයේ(14) සවස වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, රැඳවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු යළි මේ මස 18 වන දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යි.

Related posts

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin

මතුගම නිවසකට කඩා වැදී දෙදෙනක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

“ගම්මන්පිල හැලියෙත් කිඹුල්ලු දකිනවා.. පොලිස්පති පත් කිරීම නීත්‍යානුකූලයි” – නිශාන්ත වර්ණසිංහ

colombotoday

අවලාද මැදින් ආණ්ඩුව ඉස්සරහට ආවේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

colombotoday

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

colombotoday