පාස්කු ප්රහාරය පිළිබදව සිදු කළ ආන්දෝලනාත්මක ප්රකාශයක් සම්බන්ධයෙන් ජාතික සමගි බලවේගය කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට අවස්ථා දෙයකදීම ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඒ මහතා එහි පෙනී නොසිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ තෙවන කැඳවීමකට අනුව මන්ත්රීවරයා අද එහි පෙනී සිටියේය.