Colombo Today Local News

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

ජනප්‍රිය නිළි නදීශා හේමමාලි තරුණයෙකු සමග හැසිරෙන ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පළ වී තිබුණා.

ඇයගේ පුද්ගලික ඡායාරූප යැයි හැගෙන පරිදි පළකර තිබූ එම ඡායාරූප පෙළ ඉරාජ් වීරරත්නයේ ” මම සිල් බිඳ ගත්තේ ” නම් වන ගීතයේ වීඩියෝවක් සදහා පෙනී සිටීමේදී ගත් ඒවා බවට මේ වන විට හෙළිව තිබෙනවා. සෘංගාරාත්මක දර්ශන ඇතුළත් මෙම ගීතය සම්බන්ධයෙන් ඉරාජ්ට මේ වන විට අන්තර්ජාල ප්‍රේක්ශකයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා.

පසුගිය දිනක කොළඹදී පැවති සංගීත සංදර්ශනයකදී ලාංකික තරුණියක් ලතින් ඇමරිකානු ගායක එන්රිකේව ප්‍රසිද්ධියේ සිප ගැනීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ එවැනි දේවල් රටේ සංස්කෘතියට පටහැනි බැවින් එවැනි අවස්ථාවන් සංවිධානය කරන අයට මඩු වල්ගෙන් තැලිය යුතු බවයි. සංස්කෘතිය සදාචාරය වැනසීමට තමන් කිසිසෙත් ඉඩ නොදෙන බවද එතුමා පොරොන්දු විය.

අදාල සිදුවීම සමග සසදා බලද්දී ඉරාජ්ගේ මෙම වීඩියෝවේ නදීශාගේ හේමමාලිගේ අනග රැගුමනම් ඊටත් වඩා බොහෝ දුර ගිය එකක් බව පෙනේනට තිබේ.

කියූ විදිහටම ජනාධිපතිතුමා නදීශාට හා ඉරාජ්ට මඩු වලිගෙන් තලා සංස්කෘතිය රැකගන්නා හැටි ජනතාව බලා සිටී.

Related posts

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

colombotoday

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන…

colombotoday

බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන් ඇතුළු රෝගීන් 98%ට පොවලා.. චක්‍රලේඛය නිකුත් කරනකොටත් ලක්ෂ හතළිහක එන්නත් වල ජීව කාලය අවසන්.

colombotoday

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

ගමෙනුත් විසිවී, ආසනත් පරාජය වූ එජාප – ශ්‍රීලනිප ප්‍රබලයෝ මෙන්න

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday