Colombo Today Local News

ගමෙනුත් විසිවී, ආසනත් පරාජය වූ එජාප – ශ්‍රීලනිප ප්‍රබලයෝ මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ ප්‍රබලයන් රැසකට මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන් නියෝජනය කළ මැතිවරණ ආසන පවා දිනාගැනීමට නොහැකි විය.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්යේ පඩුවස්නුවර ආසනයේ ශ්‍රිලනිප සංවිධායක මෙන්ම පඩුවස්නුවර ප්‍රා.ස. පදිංචි කරුවෙකි. එම සභාවේ කොට්ඨාස 22 න් 18 ක් පොහොට්ටුව දිනූ අතර 3 ක් එජාපයට ත් 1 ක් ශ්‍රිලනිප දිනා ගත්තේ ය. එමෙන්ම පොහොට්ටුව ඡන්ද 27794 ක් ලබා ගන්නා විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ගේ කණ්ඩායමට හිමි වූයේ ඡන්ද 11794 ක් වන අතර අමාත්‍යවරයා ගේ ශ්‍රිලනිප කණ්ඩායම 3 වෙනි ස්ථානයය වැටි ඇත.

මහින්ද අමරවීර අමාත්‍යවරයා තංගල්ල ආසනයේ සංවිධායකවරයා මෙන්ම ඔහු පදිංචිව සිටින්නේ අගුණුකොලපැලැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රෙදේශයේ ය. එහිදි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඡන්ද 17086 ක් ලබා ගනිමින් කොට්ඨාස 11 න් 11 ම අති විශිෂ්ට ජයග්‍රහණයක් කිරිමේදි අමාත්‍යවරයා ගේ කණ්ඩායමට එක් කොට්ඨාසයක් වත් දිනා ගැනීමට නොහැකිව ඡන්ද 5132 ක් ලබා 3 වෙනි ස්ථානය ලබා ගනි.

අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා නියෝජනය කරන කටුගම්පොල ආසනයේ පන්නල ප්‍රාදේශිය සභාවේ ඔහු පදිංචි කරුවෙකි. එහි දි එම සභාවේ කොට්ඨාස 24 න් 24 ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනා ගත්තේ ය. එමෙන්ම අමාත්‍යවරයාගේ ශ්‍රිලනිප කණ්ඩායමට ඡන්ද 9242 ක් ගෙන පරාජය වනවිට පොහොට්ටුව එම සභාවේ ඡන්ද 38711 ක් ලබාගෙන ඇත.

සුසිල් ප්‍රෙම් ජයන්ත අමාත්‍යවරයාගේ පදිංචිය කෝට්ටේ වන අතර ඔහු කඩුවෙල ශ්‍රිලනිප සංවිධායකවරයා ය. කඩුවෙල ශ්‍රිලනිප ඡන්ද 15549 ක් ලබාගෙන 3 වෙනි ස්ථානයට වැටි පරාජය වනවිට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කඩුවෙල මහා නගර සභාවේ ඡන්ද71016 ක් ලබාගෙන ඇත.

ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා නියෝජනය කරන රත්නපුර ආසනයේ රත්නපුර නගර සභාවේ ඔහුගේ ශ්‍රිලනිප කණ්ඩායමට ඡන්ද 1853 ක් හිමිව පරාජය වනවිට පොහොට්ටුව ඡන්ද 14402 ක් ද රත්නපුර ප්‍රාදේශිය සභාවේ අමාත්‍යවරයාගේ කණ්ඩායමට ඡන්දක් 6327 ක් ලබා පරාජය වනවිට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 22845 ලබා ජයග්‍රහණය කලේ ය.

චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා හබරාදූව ආසනයේ සංවිධායකවරයා මෙන්ම ඔහු පදිංචිව සිටින්නේ බද්දේගම ප්‍රාදේශිය සභා බල ප්‍රෙදේශයේ ය. එහිදි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හබරාදූව ප්‍රාදේශිය සභාවේ ඡන්ද 20419 ක් ලබා ගනිමින් කොට්ඨාස සියල්ලම අති විශිෂ්ට ජයග්‍රහණයක් කිරිමේදි අමාත්‍යවරයා ගේ කණ්ඩායමට එක් කොට්ඨාසයක් වත් දිනා ගැනීමට නොහැකිව ඡන්ද 5832 ක් ලබා 3 වෙනි ස්ථානය ලබා ගනි.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සංවිධානය කළ අත්තනගල්ල ආසනයද පරාජයට පත්විය. එමෙන්ම දුමින්ද දිසානායක, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි, ටීබී ඒකනායක, සුමේදා ජයසේන, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් සෙනෙවිරත්න, රන්ජිත් සියඹලාපිටිය, ලක්‍ෂමන් යාපා, මනුෂ නානායක්කාර, බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය, ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මෙන්ම එජාපයේ සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක, අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, සරත් ෆොන්සේකා, පී හැරිසන්, ඇතුළු මැති ඇමතිකම් දරණ කිසිදු ශ‍්‍රිලනිප ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් හෝ රාජ්‍ය ඇමතිවරයෙක් සිය ආසනය දිනා ගත්තේ නැත.

Related posts

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව උණුසුම් වෙයි

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday