Colombo Today Local News

කුඩු කිලෝ 6යි උණ්ඩ 19යි කැබෑවේ කුඩු තිත්පොළ වටලයි…

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුගෙන් සිදුකරගත් අනාවරණයකට අනුව හෙරොයින් කිලෝ 6කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (06) රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට පාලම අසලදීය.

අදාළ හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ කැස්බෑව පොලිස් වසමේ සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදීය.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40ක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලද තොරතුරකට අනුව තංගල්ල පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ගැන තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් අදාළ නිවස වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි සැකකරුවන් පලාගොස් ඇති බව පවසයි.

කෙසේ වෙතත් එහිදී නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 176ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් 19ක් සොයාගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

මේ අතර එම ස්ථානයේ තිබී සීල් යන්ත්‍රයක්, හෙරොයින් පැකට් කිරීම සඳහා යොදාගනු ලබන උපකරණ හා ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, වෙනත් ලිපි ලේඛන සහ වාහනයක යතුරක් ද තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

සැකකරුවන් විසින් මෙම ජාවාරම සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර අම්බලන්තොට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 40ත් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අද (07) අම්බලන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තංගල්ල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, අම්බලන්තොට සහ කැස්බෑව පොලිස් ස්ථාන මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday

Video: හිංදු දැරිවියකට අතවර කිරීමට පැමිණි මුස්ලිම් ජාතිකයන් තුන් දෙනෙකුට අක්කරේපත්තුවේදී ප්‍රහාරයක්

colombotoday

වල් ඌරන් දඩයමට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මිය යයි – දරු දෙදෙනාත් රෝහලේ

Admin

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

Admin

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

රූපවාහිනී සංවාදයේදී හිටපු ඇමති මනෝ ගනේෂන් වියරු වැටෙයි… ප්‍රතිවාදියා වතුර වීදුවෙන් ගසයි !

colombotoday