Colombo Today Local News

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

sl debit66මේ වසරේ (2016) මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 878.7 කින් (රු. කෝටි 87870 කින්) ඉහළ ගොස්‌ තිබේ.

මේ අනුව ගිය වසර (2015) අගදී පැවැති රු. බිලියන 8503.2 ක මුළු රාජ්‍ය ණය ප්‍රමාණය මේ වසරේ (2016) ජුලි මස අගදී රු. බිලියන 9382 දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ.

මෙසේ රාජ්‍ය ණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ දේශීය ණය ගැනීම් වැඩිවීම 2016 ජුනි මස නිකුත් කරන ලද විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම, 2016 ජුලි මස නිකුත් කළ ජාත්‍යන්තර ස්‌වෛරීත්ව බැඳුම්කරය සහ එම මාස හතක කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ වීම යන කරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

මේ මුළු ණය වැඩිවීමෙන් දේශීය ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 50120 ක්‌ සහ විදේශ ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 37750 ක්‌ ද වන බව මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් දැක්‌වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related posts

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන මෙන්න

colombotoday

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලට නැඟ විරෝධයක

colombotoday