Colombo Today Local News

“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ

අරගලයට සම්බන්ධ වූ අහිංසක දරුවන් සිටින බවත් ඒ දරුවන් රිමාන්ඩ් කොට පොලිස් වාර්තා දී රැකියාවක් ලබා ගැනීමට ඇති අවස්ථා අහිමි කිරීම වරදක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තමාගේ නිවස, තම බිරියගේ නිවස, තමාගේ පියාගේ නිවස ඇතුළු නිවාස ගිනි තැබීම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

අරගලය සඳහා රැල්ලට පැමිණි දරුවන් අත්අඩංගුවට ගෙන නිකරුණේ බන්ධනාගාරගත කිරීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව ද හෙතෙම කීය.

ඒ අනුව අරගලයට රැවටී නොමග ගිය තරුණයන් යම් වැඩපිළිවෙළක් හරහා සමාජගත කළ යුතු බව ද ඔහු පැවසීය.

වැලිමඩ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

Related posts

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක්…. අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

Admin

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

colombotoday

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday