Colombo Today Local News

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

අධි ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පාතාල හා මත්ද්‍රවය ජාවාරමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ඇතුළු විශේෂ රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය විශේෂ පුහුණුව ලත් දෙසිය දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඇත.

දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ බුද්ධි ඒකකයට මෙම දෙසීය දෙනා අනුයුක්ත කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා ඇති බන්ධනාගාර සිර මැදිරි පරීක්ෂාව, ප්‍රබල පාතාලයන් අධිකරණ වෙත රැගෙන යාමේ රාජකාරි මෙම විශේෂිත කණ්ඩායමට පැවරෙන බවද හෙතෙම පවසයි.

වසර 22ක සේවා කාලයෙන් පසු හමුදා ​සේවයෙන් විශ්‍රාම ගත් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්හි විශේෂිත පුහුණුව ලත් දෙසීයක් මේ සඳහා තෝරාගෙන ඇත.

මෙම කණ්ඩායමට වසර පහකින් පසු අවශ්‍ය නම් බන්ධනාගාර සාමාන්‍ය රාජකාරි සඳහා වුවද එක්වීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

දැනටමත් බන්ධනාගාර බුද්ධි ඒකකයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ සියයක කණ්ඩායමක් සේවයේ නිරත අතර ඕනෑම බන්ධනාගාරයකට කඩා පනින හමුදාවක් සේ ගොස් හදිසි පරීක්ෂා කිරීම් සඳහා මෙම ඒකකයට බලතල ඇත.

Related posts

රාජපක්ෂලාට විතරද මේ පක්ෂය.. අනිත් උන්ට හොද නැද්ද? – වෙල්ගම අසයි

colombotoday

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

colombotoday

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකුගෙන් සේවිකාවකට ලිංගික අතවර | කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි

colombotoday

කොලොම්බියාව අහසේත් රහස් බැලූනයක්

Admin