Colombo Today Local News

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී නොවැම්බර් 17 වනදා අවසන් කළේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් සුවිශේෂි කටයුත්තක් ඉටු කරමිනි.

එනම් වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමවති පුදබිම උතුම් පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ ගැසට් නිවේදනවලට අත්සන් තබමින් ජනාධිපතිතුමා සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී අවසන් කළේය.

ඊයේ (01) උදෑසන සෝමාවති පුදබිමට පැමිණි හිටපු ජනාධිපතිතුමා විසින් ඓතිහාසික සෝමාවති රජමහා විහාරය හා ඒ ආශ්‍රිත පුරාවිද්‍යා ස්මාරක පිහිටා ඇති ප්‍රදේශය ” ඓතිහාසික සෝමාවති පුජාභුමි කලාපය” නමින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමේ සන්නස් පත්‍රය සෝමාවති රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් වෙත පූජා කළේය.

අනතුරුව හිටපු ජනාධිපතිතුමා සෝමාවති පුජාභූමියේ සිදුවන සංවර්ධන කටයුතුද නිරික්ෂණයට ලක් කළේය.

Related posts

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයත් තාවකාලිකව වසයි

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

colombotoday