Colombo Today Local News

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

“Cinnamon සුවවිරු ප්‍රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය John Keells Holdings සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විය.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ රෝහල්වල කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම මත පැ‍කේජ 1000ක් පිරිනමා තිබේ.

ඔවුන්ට Cinnamon Hotels & Resorts යටතේ ඇති හෝටල් 09න් එකක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ තම නිවාඩුව ගත කිරීමට අවස්ථාව හිමි වේ.

පැකේජය 2020 ජූලි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගුව පවතී.

Cinnamon Grand Colombo, Cinnamon Lakeside Colombo, Cinnamon Red Colombo, Cinnamon Bey Beruwala, Cinnamon Wild Yala, Cinnamon Lodge Habarana, Cinnamon Citadel Kandy, Habarana Village by Cinnamon සහ Trinco Blu by Cinnamon යන හෝටල් නවයෙන් එකක් තෝරා ගැනීමට පිළිවන.

Related posts

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

colombotoday

අලුත්වැඩියා ප්‍රමාදයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා

Admin

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

ඉන්ෆුලුවෙන්සා උණ සදහා වන එන්නතෙන්වලින් පුද්ගලික රෝහල් පාරිභෝගිකයින් ගසා කනවා!

colombotoday

ජනවාරි 8 කළු සිකුරාදා ලෙස නම් කරයි.. ගම්මන්පිල සහ සගයොත් කළුපැහැ ගනී

colombotoday

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday