Colombo Today Local News

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කිරීම.. නඩුව විභාගයට ගන්නවාද, නැද්ද – තීරණය දෙසැම්බරයේ

අධිකරණ නියෝගයක් පිළිනොපැදීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි හිටපු
ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරයකුද වන උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනු කොට ඇති නඩුව ඉවත දමන ලෙස ඉල්ලා සිටිමින් ඔහු විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාව පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව දෙසැම්බර් මස 10 දින ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

කුමුදුනී වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම කරුණ පෙරේදා (16දා) විමසුමට ලක් විය.

උතුරු පළාත් ධීවර හා ගමනාගමන ඇමැති ධුරයෙන් තමා ඉවත් කිරීමට එරෙහිව බාලසුබ්‍රමනියම් ඩෙනීශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය ආරම්භයේදීම ඉල්ලා සිටි අතුරු සහනයක් ලබාදෙමින් එකී ඇමැති ධුරයන්ට ඔහු යළි පත්කරන ලෙසට මහ ඇමැතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය.

එහෙත් එම නියෝගය ක්‍රියාත්මක නොකරන ලදැයි අභියාචනාධිකරණයට පැමිණිලි කළ පෙත්සම්කාර ඩෙනීශ්වරන් මහතා එසේ ක්‍රියාකිරීම මඟින් මහ ඇමැතිවරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මහ ඇමැතිවරයා එම ඉල්ලීමට විරෝධතාවක් ඉදිරිපත් කරමින් එකී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉවත දමන ලෙස අභියාචනාධිකරණයෙන් අයැද සිටියේය.

ඒ පිළිබඳ සිය තීන්දුව දෙසැම්බර් 10 වැනි දින ප්‍රකාශ කිරීමට පෙරේදා (16දා) අභියාචනාධිකරණය තීන්දු කරනු ලැබීය.

Related posts

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

colombotoday

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

STF උප පොලිස් පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

colombotoday

නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි

colombotoday