Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑත කාලයේ සොයා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය සොයා ගනී

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑතකාලයේදී සොයාගත් වැඩිම හෙරොයින් ප‍්‍රමාණය සොයා ගැනීමට හැකි වී තිබේ. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 20 කට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම බන්ධනාගාරයේ YO වාට්ටුවේ රදවා සිටි සිරකරුවෙකු සතුව තිබී බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඔහු හෙරොයින් සම්බන්ධ නඩුවකට වරදකරු වී සිරදඩුවම් විදින සැකකරුවෙකි.

වාට්ටුවෙන් පිටත සිටින අවස්ථාවකදී ඔහු පිළිබද සැක සිතී වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී සිදුකළ බන්ධනාගාර නියාමකවරයෙකු විසින් සිරකරු පරීක්‍ෂා කර තිබේ. එහිදී ඔහු සිය ශරීරයේ මෙම හෙරොයින් ප‍්‍රමාණය සගවා ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර ආශි‍්‍රතව සිදුවන විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා මේ වනවිට මෙහෙයුමක්ද ආරම්භ කර අවසන්. ඒ අනුව එක් එක් බන්ධනාගාරවල ඇති තහනම් භාණ්ඩ සහ ද්‍රව්‍ය වහාම ඉවත් කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනුම් දී ඇත. එම කටයුතු සති දෙකක් තුළ අවසන් විය යුතු බව ද අවධාරණය කර තිබේ.

ඉන්පසු බන්ධනාගාර මූලස්ථානයේ කි‍්‍රයාත්මක බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර හදිසි පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි. එවිට යම් බන්ධනාගාරයකින් තහනම් භාණ්ඩ බුද්ධි අංශ නිලධාරීන් සොයාගත හොත් එහි වගකීම බන්ධනාගර ඉහළ නිලධාරීන් භාරගත යුතු බවටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ.

Related posts

“බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. දෙසැම්බර් වෙද්දි මැතිවරණයක් එයි” – මහින්ද රාජපක්ෂ

Admin

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday

සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ සූදානමක්… ඇමරිකානු සමාගමකින් ආණ්ඩුවට ධවල පත්‍රිකාවක්…

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර

colombotoday

” බාල තෙල් ආනයනය කරන්නේ නැහැ..” තෙල් සංස්ථාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

colombotoday

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

colombotoday