Colombo Today Local News

“බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. දෙසැම්බර් වෙද්දි මැතිවරණයක් එයි” – මහින්ද රාජපක්ෂ

දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අභයාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගී වී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සදහන් කළේය.

පොහොට්ටුවේ වෙන්වුණු පිරිස් නිසි වේලාවට එකතු වනු ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

”බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. මොන මැතිවරණයක් තිබුණත් අපි ඒකට ලෑස්තියි. දෙසැම්බර් මාසේ වෙනකොට තියයි. මැතිවරණ එපැයි කියන්නේ කවුද? ”

මේහිදී රටේ ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් නැගූ පැනයට හිටපු ජනාධිපතිවරයාගෙන් මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”ඒක අපි ඉතින් බලාගෙන ඉමු ”

Related posts

ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී… කැබිනට් ඇමතිකම නූලෙන් බේරෙයි…

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday

ඔත්තු දී වෙඩිකෑ තස්ලින්ට පොලිසියෙන් මුදල් පරිත්‍යාගයක්

colombotoday

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

colombotoday

විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නෑ.

colombotoday

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

colombotoday