Colombo Today Local News

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් වනාතවිල්ලුව, මොරපතාව ප්‍රදේශයේ සිදුකරගෙන ලබන මහා පරිමාණ මත්පැන් පෙරීමේ ජාවාරමක් සම්බන්යෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව කල වැටලීමකදී සැකකරුවෙකු සමඟ නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සමඟ මත්පැන් තොගයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්ව බව වනාතවිල්ලුව පොලීසිය කියයි.

මෙසේ පොලිස් අත්අඩංගුවටපත් සැකකරු වසර ගණනාවක සිට ඉතාමත් සූක්ෂම ලෙස හොර රහසේ මෙම මත්පැන් පෙරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවත් පසුව මෙසේ පෙරන ලද නීති විරෝධි මත්පැන් ප්‍රදේශයේ ජංගම අලෙවි සැල් වෙත මහා පරිමාණයෙන් බෙදා හැරීමේ ජාවරමකද නිරතව සිට ඇති බවයි වනාතවිල්ලුව පොලීසිය කල විමර්ශණයකදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු මොරපතාව ප්‍රදේශයේ පදිංචිකරු වන අතර, මීට පෙරද ඔහුට නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පෙරවැරදි ඇති බව කියයි.

ගෝඩා ඩ්‍රෑම්ස් 7520 ක්,බැරල් 07ක්,තඹ දඟර 01ක් ගෑස්ලිප් 02ක්,ගෑස් සිලින්ඩර් 02ක් සැකකරු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.

පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ජේ.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහතා වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂකඑල්.පී. එන්. උපුල් පතිරත්න, උ.පො.ප අජිත්,උ.පො.ප පෙරේරා,(45840) පො.සැ සාලියරත්න,පොලිස් කොස්තාපල්වරුන්වන (68485) සමීර,(68503) සොයිසා (72214) දිසානායක,(37722) මදිමරන්, (90127) කුමාර යන නිළධාරින් මෙහෛයුම සිදුකර ඇත.

පුත්තලම ප්‍රියංකර කළුපහන

Related posts

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin

“ශ්‍රීලනිප – ඒකාබද්ධය එක්වීමට ඔළමොට්ටලයන් දෙදෙනෙක් ඉඩ දෙන්නේ නෑ” – දයාසිරි

colombotoday

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

colombotoday

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

මාසිකව ගෑස් මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සංශෝධන රහිතවම සම්මතයි !

colombotoday