Colombo Today Local News

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන අගරකන්ද වත්තේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ.

අද (28)දින උදැසන 11 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට ද පැතිර ගොස් ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව ලිඳුල පොලීසිය පවසයි.

ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි ව සිටි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික භාණ්ඩ සහ වටිනා ලියකියවිලි ගිනිගෙන විනාශ වී තිබේ.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව පාලනය කිරීමට සමත් වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදු වු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි පවුල් 10කට අයත් සමාජිකයන් 40 දෙනෙකු පමණ එම වතු යායේ ආරක්ෂිත ස්ථානයක් කරා තාවකාලිකව යොමු කිරිමට පියවර ගත් බව ලිඳුල පොලීසිය පවසයි.

Related posts

ශ්‍රී ලාංකීය තබ්ලික් ජමාත් අනුගාමිකයින් 33 ක් ඉන්දීය අසාදු ලේකනයට

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday

STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි

colombotoday

දළදා වැන්ද ඉන්දීය විදේශ ඇමති

colombotoday

අනතුරකට පසු හදිසි මරණයක්! ඥාතීන් රෝහලක් කුඩු කරයි

Admin

යුක්‍රේනයේ තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට

colombotoday