Colombo Today Local News

රිෂාඩ් බදියුදීන් මක්කමින් ශ්‍රේෂ්ඨාධිකරණයට….

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවට පවසා ඊට එරෙහිව ඉදිරියේදී තම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රටේ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වී ඇති නම් එයට පිළියමක් ලෙස ජනාධිපතිවරයා සිදුකල යුතුව තිබුනේ පාර්ලිමේන්තුව රැස්කොට බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් සිටින ආණ්ඩුව ස්ථාපිත කොට තුනෙන් දෙකක කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවීම බව ද එ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම තම පක්ෂය කිසිසේත් අනුමත නොකරන බවත් එයට විරුද්ධව තමා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් මන්ත්‍රීවරුන් සිවුදෙනාගේද කැමැත්ත මත අධිකරණය හමුවට යන බව රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කෙසේ නමුත් නීත්යාමනුකූලව මැතිවරණයක් පැවැත්වෙන කවර අවස්ථාවක වුවද තම පක්ෂය ඒ සදහා මනා සූදානමකින් සිටින බවත් මේ දින කීපයේ මක්කම වන්දනාවේ ගොස් සිටින තමා ඇතුලු තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්න්ත්‍රීවරුන් පස් දෙ හෙට (12) නැවත ලංකාවට පැමිනීමට නියමිතව ඇතිබවත් එසේ පැමිනි වහාම පක්ෂයේ අනිකුත් සාමාජිකයින් හා සාකච්ඡාකර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල තීරණය කරන බවත් රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

වස විස පිරි රට කිරිපිටිවලට එරෙහිව ජනපතිත් අවි ඔසවයි….

colombotoday

මිදිගම රුවන් මෙරටට රැගෙන එයි

Admin

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

colombotoday

කෝටි 02ක කප්පම් ඉල්ලා නිවසට වෙඩි තැබූ කඩුවෙල චමින්දගේ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday