Colombo Today Local News

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසි නැමැත්තාට අයත් ටි-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23)දින රාත්‍රියේදී මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩි ලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබි සෙයාගත් බව අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව පවසනවා.

දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම්භාරයේ පසුවන පොඩි ලැසිගෙන් ලබාගත් තොරතුරු හා විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු මගින් මෙම ටි.56 ගිනි අවිය හා රිවෝලර්වරය සොයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව සඳහන් කළේ.

පොඩි ලැසි නැමැත්තාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බව සඳහන්.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම ආයුධ සොයාගනු ලැබ ඇත.

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Admin

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

තල් අරක්කු වලට කැනඩාවෙන් ඉහළ ඉල්ලුමක්

Admin

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය දැනුම්දෙයි

colombotoday

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

colombotoday