Colombo Today Local News

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (28)දින කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යවරයාගේ රියදුරු ලෙස ක්‍රියා කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියා කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව දිලුම් තුසිත කුමාර සහ සුදත් අස්මඩල විත්තිකරුවන්ට අදාළව පෙර නියම කළ ඇපයට අදාළ කොන්දේසි සපුරා ඇති ආකාරය විනිසුරුවරයා විසින් සලකා බැලුවේය.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

කලිනොච්චියේදී බසයක් ගිනිබත් වෙයි.. ගිනි ගත්තද.. ගිනි තිබ්බද.. සැකයක් !

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

ජනපති උපදෙසින් අපරාධ කල්ලිවලට එරෙහි මෙහෙයුම් දැඩි කරයි

colombotoday

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday