Colombo Today Local News

රට රකින විරුවෙක් කියා ඇවිත් අන්තිමේ සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙණවා

ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට මහමග මැරෙන්නට සිදු වුයේ මීට මාසෙකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකකට නිසි ප්‍රතිචාර නොදැක්වූ නිසා බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කරයි.

ලීසිං සහන ගැටලුව වහා විසඳා දෙන්නැයි මසකට පෙර ලියන ලද ලිපියේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවත් ඒ දෙස පැත්තවත් හැරී බලන්නට කටයුතු කරන නොතිබූ බවත් ඔහු සඳහන් කළේය.

ඊට නිසි ක‍්‍රියාමාර්ග නොගෙන එම ලිපිය නොතකා හැරීමේ හේතුවෙන් ජයවර්ධන මහතාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ බවද ඔහු පැවසීය.

රට රකින විරුවෙක් කියා ඇවිත් අන්තිමේ සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙණ තත්වයට රට පත් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

සන්ධානය යහපාලන දීගෙ කටුගායි-අලුත් අගමැති පත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

colombotoday

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

colombotoday

පෝර්ට් සිටී, ගොඩකල බිමේ ගොඩනැගිලි හැදීම ඇරඹෙයි !! (Photo)

colombotoday

රනිල් හා දිනේෂ් රහස් පොලිසියට

Admin

රනිල්ගේ තවත් උත්සවයකට මැතිවරණ කොමිසමෙන් පනී

Admin

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday