Colombo Today Local News

මොහොමඩ් සාෆි නැවත සේවයේ පිහිටුවීමට (එජාප+ජවිපෙ+TNA පත්කල) රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණයට ජනපතිගේ විරෝධය !

සිංහල මවුවරුන්ට වඳ සැත්කම් කළා යැයි චෝදනා එල්ල වී සිටිනා වෛද්‍ය ෂාෆි ශිහාබ්ඩීන් නැවතත් තනතුරේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නව රජයේ දැඩි කෝපයට හේතු වී තිබෙන බවත් වාර්තා වේ. එජාප හිතවාදී නියෝජිතයන්ගෙන් සපිරි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බහුතර බලය හිමි එක්සත් ජාතික පක්ෂයටය.

පසුගිය එජාප රජය සම්මත කළ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවයේ තනතුරු ආශ්‍රිත වැඩි වගකීම් හා බලය විධායක ජනපතිවරයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට ලබා දුන්නේය. ඒ ස්වාධීන කොමිෂන් සභා හරහාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බහුතර ජනතා ඡන්දයෙන් ජනපතිධූරයට පත් වූවද පාර්ලිමේන්තුව විසුරුවන තුරු මෙම කොමිෂන් සභා සියල්ලේම බලය පවතින්නේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි එජාප – ජවිපෙ හා දෙමළ සන්ධාන පාර්ශවයටය.

පැහැදිලිවම මෙය 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිගේ බලතල කප්පාදු කොට පාර්ලිමේන්තුවට  පවරා දීමේ අනිටු ඵලයකි.

පාර්ලිමේන්තුව විසුරුවනතුරු මෙම කොමිෂන් සභා විසුරුවිය නොහැක. ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරූවීමට බලය හිමි වන්නේ මාර්තු මාසයේයය.

එතෙක් අධිකරණ, පොලිස්, රාජ්‍ය සේවා සියල්ලන්ගේම බලය ඊනියා කොමිසන් සේවා හරහා පවතින්නේ එජාපයටය.

පසුගිය දින වෛද්‍ය සාෆිට එරෙහි සී.අයි.ඩී පරීක්ෂණ අලුතෙන් ඇරඹීමට නව රජය කටයුතු කළ අතර, සාෆි තනතුරේ පිහිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසම නියෝග දී ඇත්තේ එවැනි පසුබිමකය.

මෙම තීරණයට නව රජය සිය විරෝධය දක්වා ඇති අතර ‍රාජ්‍ය සේවා කොමිසමේ තීරණය ආපසු හරවා වෛද්‍ය සාෆිට එරෙහිව නීතිමා කටයුතු කිරීමට රජය කටයුතු කරනු ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකයන්

ධර්මසේන දිසානායක 

හුසේන් ඉස්මායිල්
ප්‍රතාප් රාමනුජන්
වී. ජෙගරාසසිංහම්
එස්. රනුග්ගේ
ඩී. ලක්සිරි මෙන්ඩිස්
ජී.එස්.ඒ. ද සිල්වා 

andaharaya.com

Related posts

ගෝඨාභයට අනින්න ගිය රන්ජන් මාධ්‍ය ඉදිරියේ කද හරහා ඇනගනී…

colombotoday

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

colombotoday

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !

colombotoday

රනිල්ගේ දේශපාලනයට 40යි.. රටපුරා උත්සව පවත්වන්නැයි රාජ්‍ය නිලධාරීන්ට නියෝගයක් !

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin