Colombo Today Local News

මේ ආණ්ඩුව රට නැත්තටම නැති කරා… රට මට බාර දුන්නොත් මාස තුනෙන් ඩොලර් පුරවනවා

වත්මන් ආන්ඩුව යටතේ රට නැත්තටම නැති වී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

රට කරන්නට බැරිනම් පුළුවන් කෙනෙකුට රට බාර දී යන ලෙස තමන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි.

අද වන විට ඩොලරය පාලනය කරගත නොහැකි ලෙස ඉහල නගිමින් ඇති බවත් තම උපදෙස් අනුව වැඩ කරන්නේ නම් මාස තුනක් හයක් ඇතුලත ඩොලර් ඉතිරි කර පෙන්වන බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරනයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහු ප්‍රකාශ කර ඇති දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් රුපියල් මිලියන සියයකට වැඩි ප්‍රමාණයක් තම ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදවා ඇති ඩඩ්ලි සිරිසේන මහතා ඔහුගේ මිතුරන් හමුවේ පසුගියදා සඳහන් කර ඇත්තේ තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා සෑම අතකින්ම ශක්තිමත් බවත්, මෛත්‍රීපාලට නොමැති නායකත්ව හැකියාවක් තමන්ට ඇති බවත්ය.

රොහාන් පල්ලෙවත්ත මහතාගේ අඩිපාරේම යන පුද්ගලයෙකු ලෙස ඇතැමුන් ඩඩ්ලි සිරිසේන මහතාව හඳුන්වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකත්වය වෙනත් කිසිවෙකුටත් දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් නොමැති බැවින් තමන්ට ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

Related posts

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මුජුබර් රහුමාන් ළඟ තියාගෙන හෙළඋරුමයෙන් ගෝඨාභයට දැඩි ප්‍රහාරයක්

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday