Colombo Today Local News

මුරපලේ සිටි පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරිබාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ පදිංචි 55 හැවිරිදි සැරයන්වරයෙකි.

මෙම සැරයන්වරයා මෙදින රැවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි බාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය කියයි.

අද (11) අලුයම පහට පමණ මෙම සැරයන්වරයා පොලිස් මුරපලේ ලේ විලක් මැද වැටි සිටි බව මේ පිළිබදව පරික්ෂණ පවත්වන උඩමළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.

දිවි නසා ගැනීමක්ද වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

Admin

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

colombotoday

අපි සල්ලි අච්චු ගැහුවේ නෑ

Admin

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin

පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බිහිසුණු බස් අනතුරක් – 20කට තුවාල

Admin