මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ අද සවස ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමක් බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිිටියේ එම තත්ත්වය පාලනය කිරීම සදහා මිගමුව පොලිස් බල ප්‍රදේශයට හෙට පෙරවරු 7 වන තෙක් පොලිස් ඇදිරි නිිතිය පනවා ඇති බවයි.
මේ අතර මෙම සිද්ධිය පිළීබදව අසත්‍ය ප්‍රචාර ගෙනයන්නන්ට එරෙහිව හදිසි නිතිය යටතේ නීිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.