Colombo Today Local News

මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිලිබඳ වාර්තාව එළිදකී – පොදු දේපල අවභාවිත සිදුවීම් 180 ක්

මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිළිබඳව අවධානය යොමු කරන එකම මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ සිදුවූ පොදු දේපල අවභාවිතයන් පිලිබඳ වාර්තාව එළිදැක්වූවා.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මැතිවරණ සමයේදී නිරීක්ෂකයින් හා මහජනතාව වෙතින්, සමස්ත වශයෙන් මැතිවරණ කටයුතු සඳහා පොදු දේපල අවභාවිත වීමේ සිදුවීම් 180 වාර්තා වූ අතර, ඉන් සිදුවීම් 161 ක් සනාථ කර සාක්ෂි සමග මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇත.

මේ සියලු පැමිණිලි හා අදාල විස්තරයන් www.apesalli.lk වෙබ් අඩවිය හරහා නිරීක්ෂණය කල හැක.

රජයේ යාන වාහන, ගොඩනැගිලි හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති බොහෝ අවස්ථාවන්වල අවභාවිතයට ලක්වී ඇති අතර, රජයේ නිලධාරීන් අනිසි ලෙස දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ අවස්ථා කිහිපයක්ද වාර්තා වී ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඉදිරිපත් කරන ලද පැමිණිලි මත ක්‍රියාශීලිව පියවර ගනිමින් පොදු දේපල අවභාවිත වීමේ අවස්ථා වැළැක්වීමට මැතිවරණ කොමිසම විශාල කාර්යභාරයක් ඉෂ්ට කළ බවයි.

සම්පුර්ණ වාර්තාව මෙතනින් කියවන්න –

https://www.tisrilanka.org/works/electoral-integrity-a-review-of-incidence-of-misuse-of-public-property-during-2020-parliamentary-election/

Related posts

පොලිස්පති ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු….

colombotoday

හිග මුදල් නොගෙවීම නිසා ජනාධිපතිවරයාගේ දුරකථනය විසන්ධිකර දමයි…

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Admin

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි

colombotoday

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

Admin