Colombo Today Local News

ලසන්ත ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියා හිටපු බුද්ධි අංශ නිලධාරියා සියදිවි නසාගනී

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියා හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කරඬුපන දෙහිපිටිය පාරේ පදිංචි 52 හැවිරිදි ඉන්දරගේ ජයමාන්න නමැති විශ්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්.

‘‘දැනගත යුත්තන්ගේ දැනගැනීම සඳහා’’ යනුවෙන් සඳහන් කර ලියූ කෙටි ලිපියක් දිවි හානි කරගත් පුද්ගලයාගේ කලිසම් සාක්කුවක තිබී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බවත්, සිය මිත්‍රයා වන මලින්ද උදලාගම වැරදිකරුවෙකු නොවන බවත්, ඔහු නිදහස් කරන ලෙසත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

web-www-nethnews-lk00002

Related posts

T 56 පතොරම්, ගංජා හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සන්තකයේ තබා ගත් 4ක් අත්අඩංගුවට..

colombotoday

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

වරාය, ගුවන්තොටුපොළ විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි.. පොලිස් බලඇණි, ජල ප්‍රහාරක රථ සීරුවෙන් !

colombotoday

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

ටී එම් වී පි මහලේකම් අත්අඩංගුවට

colombotoday